Header Ads

පාකිස්ථාන පරාජය ගැන උපුල් තරංග ඇත්තම ඇත්ත කියයි

පාකිස්ථාන පරාජය ගැන උපුල් තරංග ඇත්තම ඇත්ත කියයි









පිතිකරුවන් දිගින් දිගටම දක්වන දුර්වල ක‍්‍රීඩා විලාශය නිසා පාකිස්ථානය සමග පැවැති එක්දින තරගාවලියත් පරාජයට පත් වූ බව ශ‍්‍රී ලංකා නායක උපුල් තරංග පැවසීය.තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ මෙම තරගාවලියේදී ලකුණු 75ට වැඩියෙන් රැස් කිරීමට සමත් වූයේ තමන් ඇතුළු ක‍්‍රීඩකයින් තුන්දෙනෙකු බවය.මෙම තරගාවලියේදී උපුල් තරංග ලකුණු 199ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 174ක් රැස් කළේය. මීට අමතරව තිසර පෙරේරා මෙම තරගාවලියේදී ලකුණු 91ක් රැස් කළේය.දිනේෂ් චන්දිමාල් මෙම තරග පහේදී රැස් කළේ ලකුණු 41ක් පමණය. මිලින්ද සිරිවර්ධන මෙම තරගාවලියේදී රැස් කර ගත්තේ ලකුණු 24ක් පමණයෙ.ශ‍්‍රී ලංකා පිල දිගින් දිගටම ලබන පරාජයන් පිළිබඳවද උපුල් තරංග මෙහිදී අදහස් දැක් විය. එහිදී ඔහු පෙන්වා දුන්නේ පරාජයේ වගකීම තමා ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් භාරගත යුතු බවය.නායකත්වයෙන් ඉවත් වීමේ සූදානමක් නැති බවත් කණ්ඩායම වැටී සිටින අසීරු අවස්ථාවක කණ්ඩායම අතහැර යෑමේ වුමවනාවක් තමාට නැති බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.

No comments