පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස නායකත්වය තිසරට..ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න
පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස නායකත්වය තිසරට..ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරග තුනේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව අද (ඔක්තෝබර් 21දා) කටයුතු කළේය.
තරගාවලියේ පළමු තරග දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමට නියමිත අතර අවසන් තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රීඩා කරයි. ආරක්ෂක හේතුන් මත ශ්‍රී ලංකා නිත්‍ය නායක උපුල් තරංග විස්සයි20 තරගාවලියට ක්‍රීඩා නොකරයි.
පාකිස්තාන කණ්ඩායහම හා ලෝක කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැති විස්සයි20 තරගාවලියට එක්වීමට තිසර පෙරේරා පාකිස්තානයට ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී 2009 වසරේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයට ජාත්‍යන්තර කණ්ඩායම් පැමිණීම ප්‍රතික්ෂේප කරයි.
ශ්‍රී ලංකා සංචිතය – තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), අශාන් ප්‍රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, විකුම් සංජය, ළහිරු ගමගේ, සීක්කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, චතුරංගද සිල්වා.

Post a Comment