Header Ads

දසුන්ගේ මරණය නිසා පැහැසරා ටෙලිනාට්‍යයට ලොකු ගැටළුවක් වෙලා මෙන්න එහි අද්‍යක්ෂක කියන අමුතු කතාව

දසුන්ගේ මරණය නිසා පැහැසරා ටෙලිනාට්‍යයට ලොකු ගැටළුවක් වෙලා මෙන්න එහි අද්‍යක්ෂක කියන අමුතු කතාව


දසුන්ගේ මරණය නිසා පැහැසරා ටෙලිනාට්‍යයට ලොකු ගැටළුවක් වෙලා මෙන්න එහි අද්‍යක්ෂක කියන අමුතු කතාව
කඩවසම් රූපයෙන් හා රංගනයෙන් පුංචි තිරය වටා එක් රොක්ව සිටි සුවහසක් රසික පිරිස උන්මාදයට පත් කළ දසුන් නිශාන් කවුරුත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගෙන ගියා. ඒත් තවමත් පැහැසරා ටෙලි නාට්‍යයේ කාංචන විදියට දසුන් ඔබේ ආලින්දයට එනවා. පැහැසරාහි ප්‍රධාන චරිතයක් රඟපෑ දසුන්ගේ අභාවය ටෙලි නාට්‍යයට ඉදිරියේදී මොන විදියේ බලපෑමක් ඇති කරයිද? පැහැසරා අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාට අපි කතා කළේ ඒ ගැන විමසන්නයි.
සඳුන්ට දසුන් නිශාන්ව මුලින්ම හමුවුණේ කොහොමද?
දසුන් ක්‍ෂේත්‍රයට ආ අලුත මගේ ටෙලි නාට්‍යවලට නවක නළුවන් තෝරන පරීක්ෂණවලට ඇවිත් තියෙනවා. ඒත් ඔහුට සුදුසු චරිතයක් තිබුණේ නැහැ. හැබැයි මම හිතා ගෙන හිටියේ කවදා හරි දසුන්ව මගේ ටෙලි නාට්‍යයකට ගන්නවා කියලා. ඔය කා‍ලේ මම කරපු එක්තරා ටෙලි නාට්‍යයකට වසරේ නැගී එන නළුවා විදියට සම්මාන ගත්තු නළුවෙක්ව තෝරගත්තා.
ඒත් ෂුටිං ගියාම ඒ නළුවාට අර චරිතේ කරගන්න බැහැ. පස්සේ මම ඔහු ඉවත් කළා. එදා ෂුටිං තිබුණේ පන්නිපිටියේ. මට දසුන්ව මතක් වෙලා කෝල් කළා. අයියේ මමත් ඉන්නේ පන්නිපිටියේ. මම විනාඩි දහයෙන් ඔතැනට එන්නම් කියලා දසුන් කිව්වා. පස්සේ ඔහු ඒ නාට්‍යයේ චරිතය බොහොම හොඳට රඟපෑවා. ඉන්පසුව මම කළ දේදුනු ආකාසේ හා පැහැසරා නාට්‍ය වලත් දසුන් රඟපෑවා.
දසුන්ගේ හදිසි අභාවය සඳුන්ට දැන ගන්න ලැබුණේ කොහොමද?
එදා පැහැසරා ෂුටිං තිබුණේ නැති නිසා මම වෙනත් ගමනක් යමින් හිටියේ. ඔය වේලාවේ රුක්ෂානා දිසානායක තමයි මට කෝල් කරලා කිව්වේ දසුන් පැය කීපයකට කලින් මිය ගිහින් කියලා අන්තර්ජාලයේ පුවතක් පළ වෙලා තියෙන බව. අද කා‍ලේ Music video ජනප්‍රිය කරගන්න මේ වගේ පුවත් පළ කරන හින්දා මම හිතුවේ මේකත් ඒ වගේ දෙයක් වෙන්න ඇති කියලා. හොයලා බලද්දී ආරංචිය ඇත්තක් බව දැන ගන්න ලැබුණා. මම ඒ වේලාවෙම එතැනට ගියා.
මම යද්දිත් කට්ටිය පිරිලා හිටියා. ඒ වන විටත් දසුන්ගේ මිනිය බෝඩිං කාමරයෙන් අරගෙන තිබුණේ නැහැ.
දසුන්ගේ අභාවයත් එක්ක පැහැසරා නාට්‍යයට මොකද වෙන්නේ?
ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
කතාවේ හැටියට කාංචන (දසුන් නිශාන්) බිරිඳගේ වියෝවෙන් පස්සේ ඔහුගේ දරුවාත් එක්ක තනි වුණාම පරණ පෙම්වතිය ලංවෙනවා. අවසානයේදී ඒ දෙදෙනා එකතු වෙන විදියට තමයි කතාව ගොඩ නගලා තිබ්බේ. මේ වෙද්දී එකසිය පනස් ගණන් තමයි විකාශය වෙන්නේ.
තව කොටස් 25ක විතර දසුන්ගේ රඟපෑම් තියෙනවා. ඉන් පසුව තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. කතාවටයි කාංචනගේ චරිතයටයි අසාධාරණයක් නොවන විදියට වෙනස්කම් කළ යුතුයි. මේ දවස්වල ඒ ගැන තමයි අපි හැම දෙනාම සාකච්ඡා කරන්නේ. 29 ෂුටිං පටන් ගන්න තිබුණත් ඒකත් දසුන්ගේ මරණින් පස්සේ වෙනස් වුණා.
අන්තිමට ඔබට දසුන්ව හමුවුණේ කවදාද?
මියයන්නට සතියකට විතර කලින් එදා දවසම වගේ තිබුණේ. දසුන් ‍පොඩි බබා එක්ක රඟපාන චරිතයක්.
පැහැසරා ටෙලිනාට්‍යයේ දසුන් අවසන් වරට රඟ පෑ දර්ශනය මොකක්ද?
චුටි බබෙක් නළවන ජවනිකාවක්.
ජීවිතේ නැති කරගන්න තරම් සිත් තැවුලකින් දසුන් පෙළෙන බව නිකමටවත් දැනී තිබුණේ නැද්ද?
දසුන් හරිම මිත්‍රශීලීයි. නිතරම හැමෝම එක්ක ඉන්න කෙනෙක්. ඒත් පසුගිය මාස දෙක තුනේ ඒක වෙනස් වුණා. ඔහු ගුප්ත චරිතයක් වුණා. ගුප්ත විදියට හැසිරුනා. දර්ශන තලයට ආවත් කාත් එක්කවත් කතා නොකර තමන්ගේ කොටස රඟපාලා පැත්තට වෙලා හිටියා. අන්තිමට මුණගැහුණු දවසෙත් ඒ හැසිරීම ඒ වගේම තිබුණා.
ඒත් මට පෞද්ගලිකව ඒ ගැන හොයා බලන්න බැරි වුණා.
දසුන්ගේ මරණයට සම්බන්ධ හේතුව ඔහු නිළියක් සමග ඇති කරගෙන තිබු ප්‍රේම සම්බන්ධයක් බවයි හැමෝම කියන්නේ?
මම මෙහෙම කිව්වාම ඔයා වුණත් විශ්වාස කරයිද දන්නැහැ. ඔය කතාව මටත් දැන ගන්න ලැබුණේ දසුන්ගේ මරණයෙන් පස්සේ අන්තර්ජාලවල පළ වූ පුවත්වලින්. සමහර නළුවෝ ඉන්නවා දර්ශන තලයට ඇවිල්ලත් නිළියන්ට ඹ්ධමඥ කරන අය. ඒත් දසුන් එහෙම නැහැ. ස්ත්‍රී ලෝලී චරිත ලක්ෂණ කවදාවත් මම දසුන්ගෙන් දැකලා නැහැ. තැනකට ගියත් හරිම වැදගත් විදියට හැසිරෙන කෙනෙක් දසුන්.
දසුන් විවාහකයෙක් බවට මාධ්‍යයෙන් වසන් කළා. ඔහු ඒ බව යාළු මිත්‍රයන්ටයි අර කියන නිළියටයි වසන් කළ බවත් සමහරු කියනවා.
විවාහක නළු නිළියෝ මාධ්‍යයට එය වසන් කරන අවස්ථා මා දැක තිබෙනවා. දසුන් විවාහකයෙකු බව අර නිළියට වසන් කළා කියන එක නම් මම දන්නේ නැහැ. හැබැයි ඔහු මිත්‍රයින්ට ඒක වසන් කළා කියන කතාව නම් බොරුවක්. දසුන් විවාහක බව හැමෝම දන්නවා. මමත් ඒක දැන ගත්තේ දසුන් විවාහ වූ අලුතමයි. අනික මා දන්නා තරමින් දසුන් ඇය සමග විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයකින්. ඔහු තමන්ගේ බිරිඳට ගොඩක් ආදරේ කරන කෙනෙක් විදියටයි මම නම් දැනගෙන හිටියේ.
ඔබට දැනුණු විදියට දසුන් කෙබඳු චරිතයක්ද? ප්‍රශ්නයකට මුහුණ දෙන්න තරම් ශක්තිමත් හිතක් ඔහුට තිබුණේ නැද්ද?
දසුන් බොහොම දුක් මහන්සියෙන් රංගන දිවිය ගොඩ නගා ගත් කෙනෙක්. කාලෙකට ඉස්සර ඔහුට එතරම් වැඩ තිබුණේ නැහැ. ඒ කා‍ලේ දවසක් ඔහු මට කතා කරලා කිවාමට එපා වෙලා අයියේ ටෙලි නාට්‍ය ලැබෙන්නේ නැහැනේ. කියලා ඒ වේලාවේ මම කිව්වා ඉවසගෙන ඉන්න හොඳ කාලයක් එයි කියලා.
ආයේ දවසක කතා කරලා බලන්නකෝ අයියේ දිග ටෙලිනාට්‍යවලට මම ගියාම චැනල් එකෙන් ඒක කොටස් 50ට අඩු කරනවා. මගේ අවාසනාවට වෙනවාද
දන්නෑ කියලා මම කිව්වා. ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා හින්නෙපා. ගණන් ගන්නේ නැතුව ඉන්න කියලා. දසුන් හරි අහිංසක චරිතයක්. ප්‍රශ්නයක් වුණාම ගැඹුරට හිතනවා.
ඒත් ඔහු ශක්තිමත්. අර වගේ කාල වකවානුවලට මුහුණ දුන්නේ ඒ හින්දා. දැන් තමයි දසුන්ගේ හොඳම කා‍ලේ ආවේ. අසීරු කාලෙදි ජීවිතේට මුහුණ දුන්නු දසුන්ට හොඳම කාලෙදි වුණේ මොක්ද කියලා මට තවමත් හිතාගන්න බැහැ. අනියම් සබඳතා සහ සියදිවි හානි කරගැනීම මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒත් ප්‍රශ්න හිතේ තද කරගෙන දුක් විඳින්නේ නැතුව කතා කරලා හිතේ දුක තුනී කරගත්තා නම් හොඳයි. දසුන්ගේ හිත හදන්න පුළුවන් කෙනෙක් ළඟ හිටියා නම් ඔය විනාශය වෙන්නේ නැහැ.
ආරියවංශ කුලතිලක

No comments