සුන්නත් කරනවා කියන්නේ මොකද්ද…? ඔබ ඔබගේ ලිගුව සුන්නත් කල යුත්තේ ඇයි සුන්නත් කිරීම පිළිබද ඔබ කිසිදා නොඇසූ කතාවක් මෙන්න VIDEO

සුන්නත් කරනවා කියන්නේ මොකද්ද…? ඔබ ඔබගේ ලිගුව සුන්නත් කල යුත්තේ ඇයි සුන්නත් කිරීම පිළිබද ඔබ කිසිදා නොඇසූ කතාවක් මෙන්න
පුරුෂ පක්ෂයේ සමහරු විවාහය කල්දමමින් කල්මරන්නට හේතුවන තත්ත්වයක් තිබෙනවා.. මේ තමා පෙරසම ලෙස ශිශ්නය මුණ්ඩය කියලා හඳුන්වන කොටස වසාගෙන ඇති සම හේතුවෙන් ඇතිවන ගැටලුව. සමහරුන්ට පෙරසම සම පිටුපසට කිරීම අපහසු වෙන අවස්ථා තියනවා. ඒකට හේතුව එහි ඉදිරියේම ඇති සිදුර කුඩා වී තිබීම.
සාමාන්‍යයෙන් පුරුෂ ලින්ගයේ මුල අප කුඩා කාලයේ දී කාගේත් තියෙන්නේ සමෙන් වැසී ගිය ගමන්ම තමා. නමුත් ක්‍රමයෙන් වයස ගිහින් ළමා කාලයට එන විට මේ කියන පෙරසම අපහසුවකින් තොරව ඉදිරියටත් පසුපසටත් ගෙන යන්නට හැකියි. නමුත් ඉතාමත් කලාතුරකින් කෙනෙකුගේ මේ පෙරසම ඉදිරිපස පිහිටා තියන සිදුර කුඩාව තියෙන්න හැකියි.
මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පයිමෝසිස් Phimosis තත්ත්වය හැටියටයි. මෙහෙම වුණාම සමහරු විවාහ වෙන්නත් බය වෙනවා. ලින්ගික ක්‍රියාවලියේ දී අපහසුතා ඇතිවේවි කියන බිය නිසා. නමුත් මේක බිය විය යුතු ලජ්ජා විය යුතු ඒ වගේම අසාමාන්‍ය දෙයක් නොවේ.
ළදරුවන්ගේ පෙරසම කෙළවර ඇති සිදුර කුඩාවීම නිසා එය පසුපසට නොයන අවස්ථාවලදී හටගන්නා කැපීපෙනෙන අපහසුතාවක් හේතුවෙන් මෙය පැහැදිලිව හඳුනාගන්න පුළුවනි. එබඳු කලාතුරකින් සිදුර කුඩා දරුවකු මුත්‍රා කරන විට පෙරසම සහ ශිෂ්ණය අතර මුත්‍රා එකතුවෙලා බැලුන් එකක් වගේ පිම්බෙන්න ගන්නවා. එවිට දරුවා මුත්‍රා කරන විට වේදනාවෙන් අඬන්නත් පුළුවනි. පුංචි කාලේ දරුවා මුහුණදෙන මේ අපහසුතාව දකින විට බොහෝ මවුවරු බිය වෙනවා.
නමුත් වෛද්‍යවරයකු හමු වී කුඩා ෆෝසේප් උපකරණයක් භාවිතයෙන් මේ තත්ත්වය සමනය කරගන්න පුළුවනි. කලාතුරකින් සැත්කමකට යන්න වෙනවා. කවුරුත් හොඳටම දන්න විදිහට මේ සැත්කම හඳුන්වන්නේ සුන්නන් කිරීම කියායි. සාමාන්‍යයෙන් වැඩිහිටි අවදියේ, පයිමෝසිස් හෙවත් පෙරසම ඉදිරිපස සිදුර කුඩාවීම නිසා හටගන්නා අපහසුතාවයට හොඳම විසඳුම මේ සුන්නන් කිරීම හෙවත් සර්කම්සිෂන් – Circamcision ශල්‍යකර්මය කරගැනීමයි. මේක ඉතාම සරල පහසු ශල්‍යකර්මයක්.
සාමාන්‍යයෙන් පෙරසම ආශ්‍රිත මේ ගැටලුව ලින්ගික ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නෑ. නමුත් කලාතුරකින් සංකූලතා හටගන්නා අවස්ථා තියනවා. ප්‍රධාන සංකූලතාව පෙරසම පිටුපසට ඇදීමේදී ඇතිවන වේදනාව. එය මානසික වශයෙන් බලපෑමක් බවට පත්වෙලා ලින්ගික ක්‍රියාවට බාධාවක් වන්නටත් පුළුවනි. ඉහත තත්ත්වයම වඩා වැඩිවිය හැකි අවස්ථාවකුත් තියෙනවා. ඒක හඳුන්වන්නේ පැරාපයිමෝසිස් Paraphimosis හැටියටයි.
මෙතැනදී වෙන්නේ පෙරසම අපහසුවෙන් හරි පසුපසට තල්ලු වී ගොස් එය ශිෂ්ණ මුණ්ඩය කෙළවර තද වලල්ලක් වගේ හිරවෙන එක. එවිට ප්‍රාණවත් වූ ශිෂ්ණය මුණ්ඩය මුල හිරවෙලා රුධිර ගමන අවහිර වෙනවා. මෙහිදී පුරුෂ ලින්ගය මැදින් රුධිරය ගලාවිත් එය විශාල වුණොත් ශිරා මගින් නැවත ගලායාම අවහිර වෙනවා. ඒ හේතුවෙන් සිදුවෙන්නේ ශිෂ්ණ මුණ්ඩය තව තවත් ඉදිමිලා පෙරසම ඉදිරියට ගෙන ඒම නොහැකි වීමයි.
අන්න එවිට ඔහුට වහාම රෝහලක් වෙත යන්නත් සැත්කමට මුහුණ දෙන්නත් වෙනවා. හොඳම දේ නම් පයිමෝසිස් තත්ත්වය ඇතිවිට එය පැරාපයිමෝසිස් දක්වා වැඩිවනතුරු නොසිට සුන්නත් සැත්කම කරගැනීම. මේ ගැන සෑම වෛද්‍යවරයකුටම අවබෝධයක් තියනවා
ඉහත කී ගැටලු ඇතිවිට වෛද්‍යවරයා හමුවීමට ලජ්ජා වියයුතු නෑ. සාමාන්‍යයෙන් සමහර ආගම්වල මේ සැත්කම හැමෝටම සිදුකරනවා. නමුත් උපන් ගමන් ළදරුවන්ට මේ සැත්කම කළ යුතු නෑ. මේරූ ළමා වියේදී තමා එය කළ යුත්තේ. ඒ වගේම මේ ගැන ඇති වැරුදි මතයක් තමා සුන්නත් කළ විට වැඩි කාලයක් ලින්ගික කටයුතුවලට යෙදීමට හැකියි කියන එක. ඒක නම් වැරුදි මතයක්.
උපදෙස් විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ. ගමගේ
සුන්නත් කරනවා කියන්නේ මොකද්ද…? ඔබ ඔබගේ ලිගුව සුන්නත් කල යුත්තේ ඇයි සුන්නත් කිරීම පිළිබද ඔබ කිසිදා නොඇසූ කතාවක් මෙන්නපුරුෂ පක්ෂයේ සමහරු විවාහය කල්දමමින් කල්මරන්නට හේතුවන තත්ත්වයක් තිබෙනවා.. මේ තමා පෙරසම ලෙස ශිශ්නය මුණ්ඩය කියලා හඳුන්වන කොටස වසාගෙන ඇති සම හේතුවෙන් ඇතිවන ගැටලුව. සමහරුන්ට පෙරසම සම පිටුපසට කිරීම අපහසු වෙන අවස්ථා තියනවා. ඒකට හේතුව එහි ඉදිරියේම ඇති සිදුර කුඩා වී තිබීම.

Post a Comment